Mine. Purely.
අහිමි නොවන ආදරයක සියුම් වේදනාත්මක ලස්සන දැනිලා තියෙනවාද..
කාලයේ වැරැද්දක් විතරක් නිසා අවාසනාවට මගේම කර ගන්න බැරි වුනාට
හිතින් මගේම වෙලා ඉන්න මගේ උදා ඉර.
සූරියකාන්ත මලක් වගේ ඒ ඉර දිහා බලාගෙන, ඒ ඉරේ ආදර උනුසුමෙන් දවසම ගෙවනවා මම.
කතාවෙන් කතාව ගොතමින් ඒ සෙනෙහෙබර හඬ එක්ක පිවිතුරු රැයවල් පහන් කරනවා මම.
කවදාහරි parallel universe එකකදී හමුවෙලා මගේම වෙනකන්
මට ඉවසන්න පුරුදු කරන සොඳුරු තෑග්ග.
සැබෑ පිවිතුරු ආදරය ලෝකයේ තියෙනවා කියලා මට තවත් ඔප්පු කරපු
ආදරෙන් අහන් ඉඳලා හිත සනසන
මගේ මිහිරි ගීය.
හැමදාම හිතෙනවා අනේ මගේම වුනේ නැත්තේ ඇයි කියලා..
හැමදාම පතනවා මේ පිවිතුරු බව, මේ ආදරනීය බව, දිවිය පුරාවට මා ලඟ රැඳෙන්න.
ඔහුත් කියන විදිහට, "අපි අපේ නේ කොහොමත් ඉතින්. තවත් අයිති කරගන්න දෙයක් නැහැ නේ.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගේ Other Half .
Label කරන්න බැරි මිත්‍රත්වය. Box කරන්න බැරි ප්‍රේමය. මගේ හැම ප්‍රශ්නයකටම පූර්‍ර්න පිලිතුර. මගේ හිතේ සුන්දරම ප්‍රාර්ථනය.
අර්ථකතනයක් දෙන්න බැරි මගේ ආදරය
ඔබ නිමැවූවාට දෙවිඳුන්ට මගේ නමස්කාරය!
© Anu Madhubhashinie
#wordswithanu
Image credit: zeeindia

Comments
Post a Comment